Wednesday, February 19, 2014

රාහු කාලෙට කරන කරන වැඩ වරදිනව "ලු" නෙ!

මම කෙලිනම සීන් එක කියන්නම්.

මගේ ගෙදර තියෙන්නෙ රාගම කියන නගරයේ. දුම්රියපලට මිනිත්තු 5 ක පමන දුරින් තමයි මම ඉන්නෙ. ඊයෙ මම වැඩට යන්න කෝච්චියට යනකොට දැක්කා, රාගම පල්ලිය ඉදිරිපිට පොඩි වතුර පාරක් ගලාගෙන යනවා. මේ කාලෙ තියන පෑවිල්ලට මම බැලුව කොහෙන්ද මේ වතුර එන්නෙ, කවුද සල්ලි කාරය මේ වේලිච්ච දවස් වල වතුර නාස්ති කරන කියල.

බලනකොට පාරෙ තියන වතුර බටයක් ඛන්ඩනයට ලක් වෙලා(කැඩිලා).

ඉතින් මම දේශප්‍රේමියෙක් විදිහට, මේ කාන්දුවන්නෙ මහ ජනතාවගේ මුදල් ය කියලා හිතලා ගත්ත මගේ ජංගම දුරකථනය අතට. අරගෙන ගත්තා ඇමතුමක් 1919 [රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය] ට. ඔන්න මම ගොනා වගේ තොරතුරු කේන්ද්‍රයෙන් ජා.ජ.හා.ජ.ම [ජාතික ජලසම්පාදන හා ජල අපවහන මණ්ඩලය සිංහලෙන් කිව්වොත් වෝටර් බෝඩ් එක] ට අයත් කෙටි දුරකථන අංකය  වන 1939 ඉල්ල ගත්තා.

ඉතින් ඊයෙ මම ඉස්ටෙසමට යනකල් සහ කෝච්චිය එනකල් 1939 ට අමතගෙන අමතගෙන අමතගෙන ගියා. නිලධාරියෙක් සම්බන්ධවෙනකල්, රෙකොර්ඩිං එකෙ සද්දෙ විතරයි මිනිස් කටහඬකට ඇහුනෙ. නිලධාරියගෙ සම්බන්ධෙ උනේ නැති නිසාත් කෝච්චිය ආව නිසත් මම ඇමතුම නැවැත්තුවා. හවස් වෙලා කන්තෝරුවේ වැඩ ඉවර වෙලා මම ගෙදර ගියා. යනකොට පාරෙ තිබුන තෙත පැල්ලම නිසා ආයෙත් බැලුවා. අපොයි, තවම වතුර ගලනවා. හොට් ලයින් එකෙ නිලධාරී තුමා ඒ වෙලාවට ගෙදර යන නිසා මම හිතුවා ඊලඟ දවසෙ ඒ කියන්නෙ අද උදෙන්ම අමතනවා කියල. ඉතින් මම උදේ 9.30 වෙනකල් ඇමතුවා. අනේ තවම කටහඬක් අහන්න ලැබුනෙ නැ. ඉතින් මට නොම්මරේ ෂුවර් නැහැ. මම ආයෙත් 1919 කථා කරලා ආය්‍රත් නොම්බරේ ගත්ත කෝල් කරන්න. ඊළඟ ඇමතුම 10.30 වෙනකල් පැයක්.

තවම කවුරුත් කථාකලේ නැහැ.

අද ගෙදර යනකොට බලනවා හදලද  නැද්ද කියලා.  මේවා ජහමනයගෙ මුදල්


ෂුවර් එකටම මම ඇමතුම ගන්න ඇත්තෙ රාහු කාලෙ!

Sunday, February 9, 2014

රාහු කාලයට පිළිගනිමු | Welcome to Rahu kalaya

රාහු කාලය කියන්නෙ. රාහුගෙ කාලය, හරිය?

එතකොට රාහු කියන්නෙ මොකෙක්ද?

අන්න පුතා අපි එරෙන තැන.

විශ්වාසෙ නිසා අපි රාහු කාලෙට වැඩ කරන එක අඩු කරනවා. වැඩකට පිටත් වෙන්නෙ නැහැ. කොටින්ම කියනව නම් අපි ඒ වෙලාවට හරිම බයයි. ඒත් රාහු සතා මොන වගේද කියල දන්නෙ නැහැ.

ඇයි අපි ඒ වෙලාවට බය ? ඇයි අපි රාහු ට බය ?

උත්තරේ වෙන්නෙ අනිත් අය කරන නිසා. පොඩි කාලෙ අපිට ඔලුවට දාපු නිසා වගේ දේ වල්..
දන්නෙ නැතුව මේ වගේ විශ්වාස කරන එක නේද "අන්ධ විශ්වාසය" කියන්නෙ?

මේ රාහු කාලයෙන් මම කරන්නෙ මෙහෙම ඒවත් එක්ක ආතල් එකක් ගැනීමක් විතරයි.
කාටවත් මඩ ගැසීමක් නැහැ. 

තවත් විදිහකින් බලුවොත් ආතල් එකේ දැනුම බෙදාගැනීමක් පමණයි

රාහු කාලය ගැන සිංහල විකි පිටුව.
රාහු සහ කේතු ගැන සිංහල විකි පිටුව.