Friday, January 6, 2017

අහසෙ පිහිටන ග්‍රහ වස්තු වලට පුළුවංද අපේ ජීවිතය තීරනය කරන්න?

සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
(විමලරත්න කුමාරගම)

උඩිං තියෙන්නෙ ලංකාවෙ නිරාගමිකයින් තමුංගෙ බුද්ධිය තහවුරුකරන්න වගේ යොදාගන්න ෆේමස් කවියක්. මමත් පංසල් පල්ලි කෝවිල් සංස්කෘතියත් එක්ක පට්ට ඇරියස් අල්ලනව වෙලාවකට. හැබැයි හැමතිස්සෙම නැහැ. අද මට මේ ගැරහීම ගැන අමුතු දෙයක් හිතුනා. සියළු ආගම් වලින් කියවෙන මූලික හරය නෙමෙයි අපේ උත්තමයො අදහන්නෙ. තමුං කරන විහිලු වැඩේට ඒක විහිළුවක් කියල තේරෙන කෙනෙක් හිනහ උනහම උගෙත් එක්ක කෙලගන්න මරාගන්න යන ග්ලෝබල් සංස්කෘතියෙ ඉඳලා කියන්නෙ කරන්නෙ මොකද්ද කියල නොතේරෙන එවූං රට හදන්න යන තැන දක්වා පරාසයක මේ ගොංකම පැතිරෙනවා.

අපේ උපං වෙලාවට අහසෙ පිහිටන ග්‍රහ වස්තු වලට පුළුවංද අපේ ජීවිතය තීරනය කරන්න?

මට හිතෙන්නෙ පුළුවං ඉතා කුඩා ප්‍රමාණයකට බලපෑමක් කරන්න. මම සයන්ටිෆික් උදාහරන කිහිපයක් දෙන්නම්.


  1. සූර්‍යා සමඟ ඇති දුර සහ සාපේක්ශ ආනතිය නිසා පෘථිවියේ ඇතිවන කාලගුනික විපර්‍යාස. ඍතු කියන්නෙ අන්න ඒවා.
  2. චන්ද්‍රයා සමඟ ඇතිවන වඩදිය බාදිය තත්වය.

    පදිරි නැතිව කියන්න පුළුවං උදාහරන දෙකක්.

    බලන්න මේවාත් සයන්ටිෆිකලි ඇත්ත නේද කියලා.
  3. පෝයට පිස්සු තදවෙනවා : වඩ දිය සංකල්පය මත රුධිර වහනය වැඩිවීම මේ ඇතුලු තවත් වෛද්‍යමය ගැටලු කිහිපයකටම මුල් වෙන බවට මතවාද තියෙනවා.
    සමහරුන් කියන විඩිහට නම් පුන් සඳක් තිබෙන  රාත්‍රියක් කියන්නෙ කාන්තා පාර්ශවය උපරිමයෙන් හැඟීම් ඇවිස්සිලා ඉන්න වෙලාවක්.
    ඒක පට්ටම බොරුවක්, මුළු ඉතිහාසයටම (පංසල් යන එක ඇරෙන්න ) පුර සඳ පවතින දවසක් සහ අනෙකුත් දවස්වලදි කාන්තාවන් බහුතරය ස්වයං විනයකින් හිටියා. හඳ පෙනුනා කියලා වෙනසක් උනේ නැහැ. එහෙම වෙලා තියෙනව නම් ඒ සුළුතර පිරිසකට විතරයි.

    සඳ පෑයූ රාත්‍රියක නිදාගැනීමට අපහසුතා ඇතිවීම නම් මේ හා සම්බන්ධයි කියල රිසර්ච් කරලා ඔප්පු කරලා තියෙනව ලු.
  4. ගිනි මද්දහනෙ තුවාලයක් උනොතින් ලේ ගැලීම නවත්වන්න අමරුයි. වැඩබිම් වල ඉන්න අය, සෙල්ලම් කරපු අය සහ සෞඛ්‍ය වුර්තීන් වල ඉන්න අය මේ ගැන හොඳටම දන්නවා ඇති, ඉර පායල තිබුනට බොඩි ටෙම්ප් එක නැගලා නැතිනම් අවුලක් නැහැ. ඒ නමුත් මද්දහනෙ වෙන බහුතර තුවාල වලින් ලේ යනවා වැඩියි.
මෙච්චර ළඟින් තියෙන ඉර හඳ දෙකටත් අපිට ලොකු බලපෑමක් එල්ල කරන්න බැහැ. නුමුත් බලපෑමක් නැතුවම නෙමෙයි දුරින් තියෙන ඒවත් එහෙම්ම වෙන්න ඇති. ඒක නිසා කේන්දර බලන්න, අවුලක් නැහැ. නරකක් වෙන්න තියෙනව නම් ඒකට ලෑස්ති වෙන්න. නමුත් ඔය කියන දේවල් වලට බලපෑමක් කරන්න ඔය තරු ග්‍රහලෝක වලට ලොකු හැකියාවක් නැහැ.

අපේ හිත් ඒයිට වඩා බලවත්. අපිට අනිවාර්‍ය මාරක පන්නවන්න කේන්දරේට බැහැ. වර්තමානයේ ඉන්න ජෝතීර්වේදියෝ බොහොම දෙනෙක් ගණන් හදන්න දන්නවා, ස්ටෑන්ඩර්ඩ්  අපල සහ ඵල ලිස්ට් එක දන්නවා.  දන්නෙ ගිරා සීන් එකෙන්. ඒක වෙන්නෙ මෙහෙමයි කියන තියරියවත් ඒක ව්‍යුත්පන්න වෙලා තියෙන්නෙ මෙහෙමයි කියන ඉන්ඩෙප්ත් දැනුමවත් නැහැ. අසරන වෙලා පිළිසරන හොයාගෙන යන අපිට උත්තර දෙන ඔවුනුත් අඳුරේ අතපත ගානවා. ආදි කාලයේ මීට වඩා ලොකු දැනුම් පරාසයක් තියෙන්න ඇති. රිසර්ච් ලෙවෙල් එකට ජෝතිශ්‍ය තියෙන්න ඇති. (නාලන්දාව වැනි විශ්වවිද්‍යාල තිබුණනෙ ) ඇත්තට පට්ට ඇකියුරසි එකකින් ප්‍රෙඩ්ක්ට් කරන්න පුළුවන් වෙන්න ඇති. ඒත් අද එහෙම පුළුවන් කමක් නැහැ. කෙරුනත් කෙරෙන්නෙ කනාවට මිසක් 100%ක් කිරිගහට ඇන්න වගේ නෙමෙයි.

ඔය ඔක්කොම පරද්දවන කොරම සීන් එක තමයි බයිබලේ පෙරදිග තාරකා විද්‍යාව ගැන තබල තියන සටහන. නත්තල් දා ජේසු බිළිඳුන් ඉපදෙන්න ප්‍රථමයෙන්, පෙරදිග සිටි තාරකා ශාස්ත්‍රවන්තයන් තිදෙනෙක් තරුවක් දෙස බලා;- මොහු උපදින බවත්, උපදින ප්‍රදේශයත්, ජීවිතය ගෙවෙන අයුරු සහ වසර දෙදහසක් පමන යනතුරු ඔහුගේ නාමය බැබලෙන අයුරුත් නියත ලෙස දැනගෙන දුර කතර ගෙවාගෙන බෙත්ලෙහ්මට ආව ගමන ගැන බයිබලයේ මොනවට සටහන කරල තියනවා.(ඔව් රජතුන්කට්ටුව ගැන තමයි )
ඉතින් ඕවා බොරු නෙම්යි වෙන්න ඇති. 

No comments:

Post a Comment