Friday, May 20, 2016

රෑ වැටුනු වලේ දවල්ට නොපනින්න

මේ ව්‍යසනයට සම්බන්ධව ලොකු වැඩක් මේ වෙනකොට සයිබරෙං බුකියෙං කරන්න අපිට පුළුවං උනා නෙ. තව ටික දවසකිං මේකෙන් ආර්ථිකය කඩාවැටීමේ  සැර මුළු රටටම දැනෙවි. ඒ වෙනකොට අදටත් ප්ලෑන් එකක් නැති උං එක එකාට ඇඟිල්ල දික්කරන්න බලාගෙන ඉඳීවි. ඒ වෙනකොට අපි කොහොම හරි මේ කලා වගේම අපේම අයට පොඩි හරි සප් එකක් දෙන විදිහක් කල්පනා කරමු. මේ වැඩේ මේ විදිහට කරපු ලංකාවෙ උදවියට එකමුතු කම දිගටම තියාගත්තොත් ඊලඟ අමාරු පිමි දෙකත් කොහොම හරි පනින්න පුළුවං.
.

  • අපි අපේ අයව වැටෙන්න නොදී අල්ලගත්තා තවම අපි ඉන්නෙ ඒ අවදියේ.
  • වතුර බැස්සට පස්සෙ නැවත පදිංචි වීම්, පිළිසකර කිරීම සහ ඒ එක්ක එන අනෙකුත් ගැටළු තියෙනවා [ලෙඩ-රෝග රැකී-රක්ශා ව්‍යාපාර ඇණහිටීම, ණය-තුරුස්, නව නිවාස ලබාදීම වගේ] මේකෙන් බහුතරයක් කරන්න ඕන ආණ්ඩුවෙන්. ඒත් සුද්ධකිරීම් සඳහා උදව් දීම සහ අවතැන්වූවන්ට සහන මිලට භාණ්ඩ හා සේවා සැපයීම කරන්න පුළුවං. අපි එයාලට සාමාන්‍ය ජීවිතයට නැවත යන්න අවස්ථාව ලබා දෙනවා විතරයි. එයාලටත් උවමනා එච්චරයි.
  • අවසාන වශයෙන් මේ වගේ දෙයක් නැවත ඇතිවීම වලක්වන්න පියවර ගන්න ඕනා. ජලය බැස යාමට, එක් රැස් වීමට සහ රඳවා තබාගැනීමට අවශ්‍ය ඉදිකිරීම කරන්නට ඕනා. නීති පනවන්න ඕනා. සමහර විට අත්පත් කරගැනීම් සිදුවෙන්නත් පුළුවං.


මේ ටික කලොත් අපේ සහෝදර සහෝදරියො ටික ආයෙත් හිනා වෙයි. මේ අමිහිරි මතකය තුවාල කැලලක් වගේ හැමදාම පෙනෙයි. ඒත් ඔවුනුත් සාමාන්‍ය ජීවිතයක් නැවත ගතකරයි.

සුනාමියෙන් පස්සෙ අපේ තිබුන එකමුතු කම නැතිවෙලා ගියා වගේ නොවෙන්න [රෑ වැටුනු වලේ දවල්ට නොපනින්න] සිංහල දෙමල මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි හිංදු බර්ගර් මැලී කියල බෙදෙන්නෙ නැතුව සිංහ කොඩිය යටදි මහිංදයි රනිලුයි මෛත්‍රීපාලයි එක්ක එකට එකතු වෙලා රට ගොඩ නගන්න උන්ට බල කරන්න. අපි හරියට කිව්වොත් උන්ට ඒක කරන්න වෙනවා.

මම දන්නවා මේක ලස්සන හීනයක් කියලා.ඒත් බලාපොරොත්තුව උපරිම තලයක තියාගෙන වෙන්න පුළුවං නරකම දේට හරියන්න සැලැස්මක් හදපුවහම සෑහීම්කට පත්වෙනවට වඩා ප්‍රථිඵලයක් ලැබෙනවා කියලා මම අත්දැකීමෙන්  දන්නවා.

No comments:

Post a Comment