Friday, May 20, 2016

රෑ වැටුනු වලේ දවල්ට නොපනින්න

මේ ව්‍යසනයට සම්බන්ධව ලොකු වැඩක් මේ වෙනකොට සයිබරෙං බුකියෙං කරන්න අපිට පුළුවං උනා නෙ. තව ටික දවසකිං මේකෙන් ආර්ථිකය කඩාවැටීමේ  සැර මුළු රටටම දැනෙවි. ඒ වෙනකොට අදටත් ප්ලෑන් එකක් නැති උං එක එකාට ඇඟිල්ල දික්කරන්න බලාගෙන ඉඳීවි. ඒ වෙනකොට අපි කොහොම හරි මේ කලා වගේම අපේම අයට පොඩි හරි සප් එකක් දෙන විදිහක් කල්පනා කරමු. මේ වැඩේ මේ විදිහට කරපු ලංකාවෙ උදවියට එකමුතු කම දිගටම තියාගත්තොත් ඊලඟ අමාරු පිමි දෙකත් කොහොම හරි පනින්න පුළුවං.
.

  • අපි අපේ අයව වැටෙන්න නොදී අල්ලගත්තා තවම අපි ඉන්නෙ ඒ අවදියේ.
  • වතුර බැස්සට පස්සෙ නැවත පදිංචි වීම්, පිළිසකර කිරීම සහ ඒ එක්ක එන අනෙකුත් ගැටළු තියෙනවා [ලෙඩ-රෝග රැකී-රක්ශා ව්‍යාපාර ඇණහිටීම, ණය-තුරුස්, නව නිවාස ලබාදීම වගේ] මේකෙන් බහුතරයක් කරන්න ඕන ආණ්ඩුවෙන්. ඒත් සුද්ධකිරීම් සඳහා උදව් දීම සහ අවතැන්වූවන්ට සහන මිලට භාණ්ඩ හා සේවා සැපයීම කරන්න පුළුවං. අපි එයාලට සාමාන්‍ය ජීවිතයට නැවත යන්න අවස්ථාව ලබා දෙනවා විතරයි. එයාලටත් උවමනා එච්චරයි.
  • අවසාන වශයෙන් මේ වගේ දෙයක් නැවත ඇතිවීම වලක්වන්න පියවර ගන්න ඕනා. ජලය බැස යාමට, එක් රැස් වීමට සහ රඳවා තබාගැනීමට අවශ්‍ය ඉදිකිරීම කරන්නට ඕනා. නීති පනවන්න ඕනා. සමහර විට අත්පත් කරගැනීම් සිදුවෙන්නත් පුළුවං.


මේ ටික කලොත් අපේ සහෝදර සහෝදරියො ටික ආයෙත් හිනා වෙයි. මේ අමිහිරි මතකය තුවාල කැලලක් වගේ හැමදාම පෙනෙයි. ඒත් ඔවුනුත් සාමාන්‍ය ජීවිතයක් නැවත ගතකරයි.

සුනාමියෙන් පස්සෙ අපේ තිබුන එකමුතු කම නැතිවෙලා ගියා වගේ නොවෙන්න [රෑ වැටුනු වලේ දවල්ට නොපනින්න] සිංහල දෙමල මුස්ලිම් බෞද්ධ ක්‍රිස්තියානි හිංදු බර්ගර් මැලී කියල බෙදෙන්නෙ නැතුව සිංහ කොඩිය යටදි මහිංදයි රනිලුයි මෛත්‍රීපාලයි එක්ක එකට එකතු වෙලා රට ගොඩ නගන්න උන්ට බල කරන්න. අපි හරියට කිව්වොත් උන්ට ඒක කරන්න වෙනවා.

මම දන්නවා මේක ලස්සන හීනයක් කියලා.ඒත් බලාපොරොත්තුව උපරිම තලයක තියාගෙන වෙන්න පුළුවං නරකම දේට හරියන්න සැලැස්මක් හදපුවහම සෑහීම්කට පත්වෙනවට වඩා ප්‍රථිඵලයක් ලැබෙනවා කියලා මම අත්දැකීමෙන්  දන්නවා.

Saturday, May 14, 2016

ඉඟුරු කොත්තමල්ලි

ඉඟුරු කොත්තමල්ලි කියන්නෙ ලොකු පොඩි කවුරුත් දන්න ප්‍රසිද්ධ අත් බෙහෙතක්. අපි මේක හරියට බොනවද? මොකද්ද මේකෙ ඇත්ත ගුන. මුළින්ම කියන්න ඕන මේ ලිපිය ලියන මම වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒක නිසා මගේ වැරදි අඩුපාඩු [ණ-න,ළ-ල වැරදි පවා] පෙන්වලා දෙන්න කියලා උදක්ම ආයාචනා කරනවා.


ඉඟුරු [ජින්ජර්]
අපේ රටේ දේශගුණය යටතේ කිසි ප්‍රශ්ණයක් නැතිව වැවෙන අල සහිත ශාකයක්. වගාවක් ලෙස ඉඟුරු කරන අය, සාමාන්‍යයෙන් නොවැම්බර් මාසෙදි වගේ අස්වැන්න නෙලාගෙන අයෙත් මාර්තු මාසෙ වගේ වගාකරන්න පටංගන්නවා. මගේ දැනුමට අනුව ලෝකයේ ඉඟුරු වලටත් ඉල්ලුමට සරිලන සැපයුමක් නැහැ. ඒක නිසා ගෙදර හදිස්සියකට ගන්න ඉඟුරු පැලයක් වවල තිබුනට කමක් නැහැ.


කොත්තමල්ලි [කොරියැන්ඩර්]
මේකත් ලංකාවෙ වවන්න පුළුවං. ඉඟුරු වගේම ලෝකයේ ප්‍රධාන කුළුබඩුවක් ලෙස භාවිතා කරනවා. සමහරු කියනවාකොත්තමල්ලි කොළවලට කොලෙස්ට්‍රොල් අඩුකරන්න හැකියාවක් තියෙනව කියලා[හැබැයි ඒක ගැන අත්දැකීමක් නැහැ]. කොත්තමල්ලිත් ගෙදර වවන්න පුළුවං උනාට අවශ්‍යතාවයට සරිලන ලෙස වවාගන්න බැහැ. ඒක නිසා කඩෙන් තමයි ගන්න වෙන්නෙ.

ඉතිං මේ සම්බන්ධව තව දෙයක් කියන ඕනෑමයි. කඩේ ගන්න තියෙන සමහර කොත්තමල්ලි මෙහෙ එන්න කලිංම සාරය ඉවත් කරලා පසුව රිජෙක්ට් නොවෙන තරමට හොඳ කොත්තමල්ලි එක්ක කළවම් කරලා තමයි එන්නෙ. 100% හොඳබඩු නෙමෙයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. හොඳම දේ තමයි හොඳ වෙළඳ සන්නාමයක් සහිත වර්ගයක් ගන්න එක. කොහොම හරි ගුණ නැතිවම නෙමෙයි හැබැයි ටිකක් අඩුයි.

දැං වැදගත්ම ටික. ඉඟුරු කොත්තමල්ලි බොනකොට අපි පුරුදුවෙලා ඉන්නෙ කොත්තමල්ලි අහුරයි ඉඟුරු කෑලක් පෙතිගහලයි වතුරට දාලා තම්බලා බොන්න නෙ. අන්න ඒක පොඩ්ඩක් විතර වැරදියි.
ධාන්‍යාක ශුණ්ථි ද්වීතෛකභාගඃ
සිද්ධඃ කෂායො විනිහන්ති පීතඃ
කොෂ්ඨාග්නි මාන්ද්‍යං තරුණජ්වරන් ච
රසාද්‍යජීර්ණං සතෘෂං සදාහම්
මේ තීයෙන්නෙ ඉඟුරු කොත්තමල්ලි කසාය පිළිඹඳ ආයුර්වේදයේ සඳහන් ස්ලෝකය.

මෙකේ හැටියට කොත්තමල්ලි සහ ඉඟුරු ගන්නකොට දෙවැනියට සඳහන් වර්ගය පළමු වර්ගයෙන් හරි අඩක් අරගන්න කියල තමයි කිය වෙන්නෙ.

 ඒ කියන්නෙ කොත්තමල්ලි ග්‍රෑම් 50කට පමණ ප්‍රමාණයකටඉඟුරු ග්‍රෑම් 25යි ගන්න ඕනා.  ඒකත් කලං මංචාඩි විදිහට ගත්තොත් වතුර ගානත් කෂාය පදමට  දාගන්න පුළුවනි.

අපි භාවිතාකරන මෙට්‍රික් ක්‍රමයට කළඳක් කියන්නෙ ආසන වශයෙන් ග්‍රෑම් 5ක්[අඩු හෝ වැඩි].

පත 8 එකට සිඳුවන්න ආසන්න වශයෙන් මුළු කසායේ බර ග්‍රෑම් 120ක් වෙන්න ඕනා. ඒ කියන්නෙ කලං 24ක්. සාමන්‍යවිදිහට කියන්නෙ ඉඟුරු කලං 4ක් සහ කොත්තමල්ලි කලං 8ක් අරගෙන හොඳට සෝදලා පිරිසිදු කරලා වතුර පත [පීරිසිකෝපප] 4ක් සමඟලිප තබා නොවසා තම්බන්න කියලා. මෙතනදි කියන්න ඕනා සමහර වෛද්‍යවරු කියනව ඉඟුරු පෙති කපන්න කලිං බැදගන්න/ කබලෙ බදින්න තවත් සමහරු කියනවා පෙති කපලා බදින්න, තවත් සමහරු කියනවා කොත්තමල්ලි ඉඟුරු කියන දෙකම බදින්න යන විදිහට. ඉහත ස්ලෝකයේ එහෙම සඳහනක් නැහැ. නුමුත් සමහර විට ඒ අය අත්දැකීමෙන් දන්නවා ඇති කබලේ බැද්දහම ගුණයෙහි වැඩි වීමක් [අත් දැකීම කියන ජාතිය පොත්පත් වලට ගන්න අමාරුයි නෙ].

හරි දැං අර ල්පේ තියපු එක නටනකොටම බාගන්න එපා. හරි විදිහට මේක කසායක්. ඒ කියන්නෙ 8 එකට [නම් 4 භාගෙකට] හිංදවන්න ඕනා. ජලීය කොටස් ප්‍රමාණය ආසන්න වශයෙන් පීරිසි කොප්ප භාගයක් වෙනකොට බාගෙන මද රස්නෙන් බොන එක තමයි හරිම විදිහ. බෑවට පස්සෙ අය්යො පීරිසි කෝප්ප  භාගෙකට වඩා පොඩ්ඩක් වැඩි උනොත් [කෝප්පෙකට වඩා චුට්ටක් අඩූනම්] නැවත ලිපේ තියලා හිංදවන්න ඕන නැහැ. එහෙම්ම පාවිච්චියට ගන්න පුළුවං.

එහෙනං මේ වැස්ස කාලෙ ඉඟුරු කොත්තමල්ලි ටිකක් හරියට බීලා ලෙඩ නොවී ඉන්න 

Friday, May 13, 2016

නාකි කමට දුක හිතුනට

HQ6K2-QPC42-3HWDM-BF4KJ-W4XWJ

මේ අකුරු ටික දකිනකොට එකපාරටම ඔයාට මොකක් හරි මතක් වෙනව නම් ඔයා දැං ටිකක් වයසයි. අඩුම තරමෙ අවුරුදු විසිපහක් වත් වයසයි. කාලෙකට කලිං ඔයත් පට්ට කොම්පුටර් වැඩ්ඩෙක්. කැඩිච්ච [කොම්පැනිවලිං ගොඩදාන්න බැහැ කියපු] කොම්පුටර් ගොඩ දාපු කෙනෙක්.ඒ කාලෙ අද එක්ක සංසන්දනය කරනකොට ඔයගෙ අතේ ඒකාලෙ තිබුන හොඳම කොම්පියුටර් එකට වඩා ඔයගෙ අතේ දැං තියෙන හෑන්ඩ් ෆෝන් එක පට්ට පවර්ෆුල්.

මොනිටර් එක
යූපීඑස් එක් එක
කොම්පුටර් බොක්ස් එක [ඔව් සීපීයූ ටවර් එක]
කීබොර්ඩ් මවුස් දෙක

කියන්නෙ පට්ට වටින ට්‍රෙශර් එකක් වෙච්ච කාලෙක පෙන් ඩ්‍රයිව් එකකුත් තිබ්බනම් ඔයා පට්ට පොරක්.
ඔයාගෙ කොම්පියුටර් එකට වීජීඒ කර්ඩ් එකක් තිබ්බනම් ඔයා පට්ට පොරක්.
සීඩී ඩ්‍රයිව් එකක් වෙනුවට සීඩී රයිටර් එකක්.
40ජීබී හාර්ඩ් එකක්
256එම්.බි රැම් එකක් කියන්නෙ,
සුපිරිම කොන්ෆිග් එක.

පරණ කොම්පුටර් එකක් හරි එහෙම එකක් තිබ්බ කෙනෙක් හරි මතක් වෙනවද?
කට කොණකිං හිනාවකුත් එක්ක මතක් උනා නෙ.

පට්ටයි.

පොඩ්ඩක් හිතිං කොම්පෙයාර් කරල බලන්න ඒ කොම්පියුටර් එකයි ඒකෙ අයිතිකාරය අද පාවිච්චි කරන ෆෝන් එකයි. දුක හිතෙනව නෙහ්.

උඩිං තිබුන කෝඩ් එක මොකද්ද කියල දන්නෙ නැති අයට. දුක හිතන්න එපා පොඩ්ඩා. ඕක තමයි පරිණාම වාදය කියන්නෙ. මම කලින් ලියල තියෙන්නෙ කෞතුක භාන්ඩ වගයක් ගැන. ඒ පරම්පරාවෙ කොම්පියුටර් වල රන් වෙච්ච පට්ටම ඔපරේටිං සිස්ටම් එක, වින්ඩෝස් 98 එකේ ෆේමස් ම සිරියල් නම්බර් එක තමයි උඩිං ලියල තියෙන්නෙ.

නාකි කමට දුක හිතුනට ලියපු කථාවක්. වැඩියෙ හිතන්න එපා.
වින්ඩෝස් 98 එකේ ෆේමස් ම සිරියල් නම්බර් එක

Tuesday, May 10, 2016

මතු භවයේ........

හිතපං මෙහෙම.
උඹ හීනෙකිංවත් දන්නෙ නැති එකෙක්, පට්ට මිනිමරුවෙක්, හොරෙක් සහ හොඳටම ආගමට දහමට ලැදිවෙලා හිටපු අම්බානක සල්ලි තියෙන බුවෙක්  (අපි මූට දානපතියා කියමු)  හෙන දියුනු රටක ඉඳලා මැරිලා.

උබට හම්බුවෙනවා පෙර ආත්මෙ කියන්න පුළුවං එකෙක්. ඒකා කියනවා උඹ අසුවල් රටේ අසුවල් කාලෙ හිටපු සත් ගුණවත් දානපතිඅසුවල් බුවාය කියලා. කියල නිකං ඉන්නෙ නැහැ අසුවල් බුවා විතරක් දන්න මොකක් හරි උගෙ අයිඩෙන්ටිය ඔප්පු කරන්න පුළුවං විදිහකුත් කියනවා.

උඹත් ගෙදර ඇවිත් ගූගල් කරලා බලනවා. අම්මට හුඩු ඇත්ත. එහෙම එකෙක් මිහිපිට ඉඳලා තියෙනවා.

පහුවෙනිදා උඹ කන්තොරු ගියහම උඹට ලොක්ක එන්න කියලා පොඩි පණිවිඩයක් කියනවා. බලද්දි උඹට අර අසුවල් දියුනු රටේ දන්නපතියා හිටියා කියන ටවුමෙම ඔෆිස් එකකට හදිස්සියේ යන්න පුළුවංද කියල අහලා හෙඩ් ඔෆිස් එකෙන් පණිවිඩයක්. නිකං නෙමෙයි ප්‍රමෝශන් එකකුත් එක්ක.

උඹ හැකි ඉක්මනින් යන්න ලෑස්ති වෙනවා. ගර්ල් ෆ්‍රෙන්ඩ් නලවලා, අම්ම තාත්තට වැඳලා යන්න හදනකොට ගර්ල් ෆ්‍රෙන්ඩ් ගෙ ගෙදරිං කියන්පි එහෙම බැහැ රෙජිස්ට්‍රේශන් එක අරගෙන යන්න කියලා. උඹ ටිකක් විතර වියදම් කරලා පොඩි පාටියකුත් අරගෙන්න හීනියට හනිමූන් නැටුව කසද බඳිනවා. බැඳලා කරල ගෑනි ගෙදර තියලා උඹ රට යනවා.

උඹ රට ගියහම දැනගන්නවා දානපතියගෙ පට්ට හිස්ටරියක් සමඟ රාජසන්තක වෙන්න ඔන්න මෙන්න බූදලයක් තියෙනවාය. දානපතියා මැරුනා කිව්වට බොඩිය හොයාගත්තෙ නැති නිසා තවම ඒක එහෙම්ම තියෙනවාය. ළමයි බමයි නැති නිසා උරුමක්කරයොත් නැතිය කියන එකත් උඹට කනින් කොනින් වැටෙනවාය.

පරක්කු උනොත් කෙළවෙන බව දන්න නිසා උබ හනි හනිකට පුනුරුප්පත්තිය ගැන දොඩවනවාය. අර පෙර ආත්මය දකින එකා කියන අයිඩෙන්ටිටි කථාව උඹ තවමත් කියා නැත. උඹ ඒක කියන්නේ අවසාන තුරුම්පුට බව හිතේ තබාගෙන ඇත.

සතියක් පමණ ගොස් අවසාන තුරුම්පුව ගසන වේලාව පැමිණ ඇත. දැං උඹ ඒ දියුනු රටේ පට්ට බූදලයකට හිමිකරු විමට ආසන්නවී සිටී.

නගර වැසියන් ප්‍රීති ඝෝෂා කරද්දී, උඹ පට්ට සල්ලි කාරයෙක් ව සිටී. ආණ්ඩුවටත් කට උත්තර නැත. උඹගේ ආසම කථාව මොන්තක්‍රිස්තෝ කතාවයි.

කාලයක් යනකොට, එක පත්තර කාරයෙක් උඹට තියෙන ඊරිසියාව නිසා කෙලවන්නයි හදන්නෙ. උගෙ තර්කෙ වෙන්නෙ ඔච්චර මිනි මරපු පාතාල  ලොක්කෙක් වෙච්ච දානපති උඹට සල්ලි විතරද උරුම වෙන්නෙ වරදට දඬුවම් උරුම නැද්ද කියලා. දියුනු රටේ උසාවියත් උඹව වැරදිකාරයා කරනවා.

මේ  කලිං ආතමයේ (කියල හිතාගෙන ඉන්න එකේ)  වැරදි වලට උඹ මේ ආත්මයේදී දැනගෙන විඳවීමක්.
උප්පත්තියෙන් වෙන දේවල්. (අත් පා නැතිවීම වැනි)  වලට පෙර ආත්මය ගැන බඳවා ඇති මෙවන් දියුනු මතිමතන්තරත්, ඒවායේ පාදම වූ මතු භවයත් අමූලික ඇත්තක් ලෙස මට හැඟෙන්නෙමේ නිසාවෙනෙ. මතු භවයේ දඬුවම් කථාව නොමැතිනම් මතු භවයේ කතාවද හිරු දුටු පිණි මෙන් වියැකී යනු ඇත