HQ6K2-QPC42-3HWDM-BF4KJ-W4XWJ
මේ අකුරු ටික දකිනකොට එකපාරටම ඔයාට මොකක් හරි මතක් වෙනව නම් ඔයා දැං ටිකක් වයසයි. අඩුම තරමෙ අවුරුදු විසිපහක් වත් වයසයි. කාලෙකට කලිං ඔයත් පට්ට කොම්පුටර් වැඩ්ඩෙක්. කැඩිච්ච [කොම්පැනිවලිං ගොඩදාන්න බැහැ කියපු] කොම්පුටර් ගොඩ දාපු කෙනෙක්.ඒ කාලෙ අද එක්ක සංසන්දනය කරනකොට ඔයගෙ අතේ ඒකාලෙ තිබුන හොඳම කොම්පියුටර් එකට වඩා ඔයගෙ අතේ දැං තියෙන හෑන්ඩ් ෆෝන් එක පට්ට පවර්ෆුල්.
මොනිටර් එක
යූපීඑස් එක් එක
කොම්පුටර් බොක්ස් එක [ඔව් සීපීයූ ටවර් එක]
කීබොර්ඩ් මවුස් දෙක
කියන්නෙ පට්ට වටින ට්‍රෙශර් එකක් වෙච්ච කාලෙක පෙන් ඩ්‍රයිව් එකකුත් තිබ්බනම් ඔයා පට්ට පොරක්.
ඔයාගෙ කොම්පියුටර් එකට වීජීඒ කර්ඩ් එකක් තිබ්බනම් ඔයා පට්ට පොරක්.
සීඩී ඩ්‍රයිව් එකක් වෙනුවට සීඩී රයිටර් එකක්.
40ජීබී හාර්ඩ් එකක්
256එම්.බි රැම් එකක් කියන්නෙ,
සුපිරිම කොන්ෆිග් එක.
පරණ කොම්පුටර් එකක් හරි එහෙම එකක් තිබ්බ කෙනෙක් හරි මතක් වෙනවද?
කට කොණකිං හිනාවකුත් එක්ක මතක් උනා නෙ.
පට්ටයි.
පොඩ්ඩක් හිතිං කොම්පෙයාර් කරල බලන්න ඒ කොම්පියුටර් එකයි ඒකෙ අයිතිකාරය අද පාවිච්චි කරන ෆෝන් එකයි. දුක හිතෙනව නෙහ්.
උඩිං තිබුන කෝඩ් එක මොකද්ද කියල දන්නෙ නැති අයට. දුක හිතන්න එපා පොඩ්ඩා. ඕක තමයි පරිණාම වාදය කියන්නෙ. මම කලින් ලියල තියෙන්නෙ කෞතුක භාන්ඩ වගයක් ගැන. ඒ පරම්පරාවෙ කොම්පියුටර් වල රන් වෙච්ච පට්ටම ඔපරේටිං සිස්ටම් එක, වින්ඩෝස් 98 එකේ ෆේමස් ම සිරියල් නම්බර් එක තමයි උඩිං ලියල තියෙන්නෙ.
නාකි කමට දුක හිතුනට ලියපු කථාවක්. වැඩියෙ හිතන්න එපා.

වින්ඩෝස් 98 එකේ ෆේමස් ම සිරියල් නම්බර් එක |
No comments:
Post a Comment