ඉඟුරු කොත්තමල්ලි කියන්නෙ ලොකු පොඩි කවුරුත් දන්න ප්‍රසිද්ධ අත් බෙහෙතක්. අපි මේක හරියට බොනවද? මොකද්ද මේකෙ ඇත්ත ගුන. මුළින්ම කියන්න ඕන මේ ලිපිය ලියන මම වෛද්‍යවරයෙක් නෙමෙයි. ඒක නිසා මගේ වැරදි අඩුපාඩු [ණ-න,ළ-ල වැරදි පවා] පෙන්වලා දෙන්න කියලා උදක්ම ආයාචනා කරනවා.
ඉඟුරු [ජින්ජර්]
අපේ රටේ දේශගුණය යටතේ කිසි ප්‍රශ්ණයක් නැතිව වැවෙන අල සහිත ශාකයක්. වගාවක් ලෙස ඉඟුරු කරන අය, සාමාන්‍යයෙන් නොවැම්බර් මාසෙදි වගේ අස්වැන්න නෙලාගෙන අයෙත් මාර්තු මාසෙ වගේ වගාකරන්න පටංගන්නවා. මගේ දැනුමට අනුව ලෝකයේ ඉඟුරු වලටත් ඉල්ලුමට සරිලන සැපයුමක් නැහැ. ඒක නිසා ගෙදර හදිස්සියකට ගන්න ඉඟුරු පැලයක් වවල තිබුනට කමක් නැහැ.
කොත්තමල්ලි [කොරියැන්ඩර්]
මේකත් ලංකාවෙ වවන්න පුළුවං. ඉඟුරු වගේම ලෝකයේ ප්‍රධාන කුළුබඩුවක් ලෙස භාවිතා කරනවා. සමහරු කියනවාකොත්තමල්ලි කොළවලට කොලෙස්ට්‍රොල් අඩුකරන්න හැකියාවක් තියෙනව කියලා[හැබැයි ඒක ගැන අත්දැකීමක් නැහැ]. කොත්තමල්ලිත් ගෙදර වවන්න පුළුවං උනාට අවශ්‍යතාවයට සරිලන ලෙස වවාගන්න බැහැ. ඒක නිසා කඩෙන් තමයි ගන්න වෙන්නෙ.
ඉතිං මේ සම්බන්ධව තව දෙයක් කියන ඕනෑමයි. කඩේ ගන්න තියෙන සමහර කොත්තමල්ලි මෙහෙ එන්න කලිංම සාරය ඉවත් කරලා පසුව රිජෙක්ට් නොවෙන තරමට හොඳ කොත්තමල්ලි එක්ක කළවම් කරලා තමයි එන්නෙ. 100% හොඳබඩු නෙමෙයි ගොඩක් වෙලාවට තියෙන්නෙ. හොඳම දේ තමයි හොඳ වෙළඳ සන්නාමයක් සහිත වර්ගයක් ගන්න එක. කොහොම හරි ගුණ නැතිවම නෙමෙයි හැබැයි ටිකක් අඩුයි.
දැං වැදගත්ම ටික. ඉඟුරු කොත්තමල්ලි බොනකොට අපි පුරුදුවෙලා ඉන්නෙ කොත්තමල්ලි අහුරයි ඉඟුරු කෑලක් පෙතිගහලයි වතුරට දාලා තම්බලා බොන්න නෙ. අන්න ඒක පොඩ්ඩක් විතර වැරදියි.
මෙකේ හැටියට කොත්තමල්ලි සහ ඉඟුරු ගන්නකොට දෙවැනියට සඳහන් වර්ගය පළමු වර්ගයෙන් හරි අඩක් අරගන්න කියල තමයි කිය වෙන්නෙ.
ඒ කියන්නෙ කොත්තමල්ලි ග්‍රෑම් 50කට පමණ ප්‍රමාණයකටඉඟුරු ග්‍රෑම් 25යි ගන්න ඕනා. ඒකත් කලං මංචාඩි විදිහට ගත්තොත් වතුර ගානත් කෂාය පදමට දාගන්න පුළුවනි.
අපි භාවිතාකරන මෙට්‍රික් ක්‍රමයට කළඳක් කියන්නෙ ආසන වශයෙන් ග්‍රෑම් 5ක්[අඩු හෝ වැඩි].
පත 8 එකට සිඳුවන්න ආසන්න වශයෙන් මුළු කසායේ බර ග්‍රෑම් 120ක් වෙන්න ඕනා. ඒ කියන්නෙ කලං 24ක්. සාමන්‍යවිදිහට කියන්නෙ ඉඟුරු කලං 4ක් සහ කොත්තමල්ලි කලං 8ක් අරගෙන හොඳට සෝදලා පිරිසිදු කරලා වතුර පත [පීරිසිකෝපප] 4ක් සමඟලිප තබා නොවසා තම්බන්න කියලා. මෙතනදි කියන්න ඕනා සමහර වෛද්‍යවරු කියනව ඉඟුරු පෙති කපන්න කලිං බැදගන්න/ කබලෙ බදින්න තවත් සමහරු කියනවා පෙති කපලා බදින්න, තවත් සමහරු කියනවා කොත්තමල්ලි ඉඟුරු කියන දෙකම බදින්න යන විදිහට. ඉහත ස්ලෝකයේ එහෙම සඳහනක් නැහැ. නුමුත් සමහර විට ඒ අය අත්දැකීමෙන් දන්නවා ඇති කබලේ බැද්දහම ගුණයෙහි වැඩි වීමක් [අත් දැකීම කියන ජාතිය පොත්පත් වලට ගන්න අමාරුයි නෙ].
හරි දැං අර ල්පේ තියපු එක නටනකොටම බාගන්න එපා. හරි විදිහට මේක කසායක්. ඒ කියන්නෙ 8 එකට [නම් 4 භාගෙකට] හිංදවන්න ඕනා. ජලීය කොටස් ප්‍රමාණය ආසන්න වශයෙන් පීරිසි කොප්ප භාගයක් වෙනකොට බාගෙන මද රස්නෙන් බොන එක තමයි හරිම විදිහ. බෑවට පස්සෙ අය්යො පීරිසි කෝප්ප භාගෙකට වඩා පොඩ්ඩක් වැඩි උනොත් [කෝප්පෙකට වඩා චුට්ටක් අඩූනම්] නැවත ලිපේ තියලා හිංදවන්න ඕන නැහැ. එහෙම්ම පාවිච්චියට ගන්න පුළුවං.
එහෙනං මේ වැස්ස කාලෙ ඉඟුරු කොත්තමල්ලි ටිකක් හරියට බීලා ලෙඩ නොවී ඉන්න

ධාන්‍යාක ශුණ්ථි ද්වීතෛකභාගඃමේ තීයෙන්නෙ ඉඟුරු කොත්තමල්ලි කසාය පිළිඹඳ ආයුර්වේදයේ සඳහන් ස්ලෝකය.
සිද්ධඃ කෂායො විනිහන්ති පීතඃ
කොෂ්ඨාග්නි මාන්ද්‍යං තරුණජ්වරන් ච
රසාද්‍යජීර්ණං සතෘෂං සදාහම්
මෙකේ හැටියට කොත්තමල්ලි සහ ඉඟුරු ගන්නකොට දෙවැනියට සඳහන් වර්ගය පළමු වර්ගයෙන් හරි අඩක් අරගන්න කියල තමයි කිය වෙන්නෙ.
ඒ කියන්නෙ කොත්තමල්ලි ග්‍රෑම් 50කට පමණ ප්‍රමාණයකටඉඟුරු ග්‍රෑම් 25යි ගන්න ඕනා. ඒකත් කලං මංචාඩි විදිහට ගත්තොත් වතුර ගානත් කෂාය පදමට දාගන්න පුළුවනි.
අපි භාවිතාකරන මෙට්‍රික් ක්‍රමයට කළඳක් කියන්නෙ ආසන වශයෙන් ග්‍රෑම් 5ක්[අඩු හෝ වැඩි].
පත 8 එකට සිඳුවන්න ආසන්න වශයෙන් මුළු කසායේ බර ග්‍රෑම් 120ක් වෙන්න ඕනා. ඒ කියන්නෙ කලං 24ක්. සාමන්‍යවිදිහට කියන්නෙ ඉඟුරු කලං 4ක් සහ කොත්තමල්ලි කලං 8ක් අරගෙන හොඳට සෝදලා පිරිසිදු කරලා වතුර පත [පීරිසිකෝපප] 4ක් සමඟලිප තබා නොවසා තම්බන්න කියලා. මෙතනදි කියන්න ඕනා සමහර වෛද්‍යවරු කියනව ඉඟුරු පෙති කපන්න කලිං බැදගන්න/ කබලෙ බදින්න තවත් සමහරු කියනවා පෙති කපලා බදින්න, තවත් සමහරු කියනවා කොත්තමල්ලි ඉඟුරු කියන දෙකම බදින්න යන විදිහට. ඉහත ස්ලෝකයේ එහෙම සඳහනක් නැහැ. නුමුත් සමහර විට ඒ අය අත්දැකීමෙන් දන්නවා ඇති කබලේ බැද්දහම ගුණයෙහි වැඩි වීමක් [අත් දැකීම කියන ජාතිය පොත්පත් වලට ගන්න අමාරුයි නෙ].
හරි දැං අර ල්පේ තියපු එක නටනකොටම බාගන්න එපා. හරි විදිහට මේක කසායක්. ඒ කියන්නෙ 8 එකට [නම් 4 භාගෙකට] හිංදවන්න ඕනා. ජලීය කොටස් ප්‍රමාණය ආසන්න වශයෙන් පීරිසි කොප්ප භාගයක් වෙනකොට බාගෙන මද රස්නෙන් බොන එක තමයි හරිම විදිහ. බෑවට පස්සෙ අය්යො පීරිසි කෝප්ප භාගෙකට වඩා පොඩ්ඩක් වැඩි උනොත් [කෝප්පෙකට වඩා චුට්ටක් අඩූනම්] නැවත ලිපේ තියලා හිංදවන්න ඕන නැහැ. එහෙම්ම පාවිච්චියට ගන්න පුළුවං.
එහෙනං මේ වැස්ස කාලෙ ඉඟුරු කොත්තමල්ලි ටිකක් හරියට බීලා ලෙඩ නොවී ඉන්න
No comments:
Post a Comment